Thursday, November 21, 2013



ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත්බිම

 

2001 දී ජාත‍‍්‍යන්තර රැම්සා තෙත්බිම වර්ගීකරනයට ලක් වූ ආනවිලුදාව අභය භූමිය හලාවත-පුත්තලම දුම්‍ර්‍රිය මාර්ගයට හා වෙරලට මායිම්ව හලාවතට නුදුරෙන් පිහිටා ඇත​. මෙය 12 වන සියවසේ විසූ මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්තයකි.  මෙම භූමිය වැව් හතකින් සමන්විතය​.

1.ආනවිලුන්දාව
2.පින්කට්ටිය​
3.වේල්ලවැව​
4.මරදන්සෝලෙ
5.ඉරක්කවිල ​/ ඉහලවැව​
6.සුරුවිල​
7.මයියාව​


 
මෙම වැව් එකින් එකහා  සම්බන්ඳව පවතින අතර හෙක්ටයාර 1400 කින් පමන සමන්විත භූමී ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අප රටේ රැම්සා තෙත් බිම් ගනන හයකි. මුලින්ම එකතුවුනේ බුන්දල ජාතික වනඋද‍්‍යනයි. දෙවනුව ආනවිලුන්දාව හා අනතුරුව මාදු ගඟ, කුමන හා වන්කාලෙයි අභය භූමිය එකතු වෙයි. හය වැන්න මෑතකදී එකතු වූ (2013 පෙබ ) විල්පත්තු අභය භූමියයි.


ආනවිලුන්දාව තරමක් අප්‍රකට වුවද කුරුළු ලෝලීන් අතර ජනප්‍රිය ස්ථානයකි. සංක්‍රමික පක්‍ෂීන් අප රටට ඇතුල් වන ප්‍රදාන ස්ථානයකි ආනවිලුන්දාව​. මෙහිදී ශාක විශේෂ 264ක් පමනද​, ඒ අතරින් වනාන්තර ගත ශාක විශේෂ 110ක් පමනද, පඳුරු විශේෂ 54ක් පමනද​, පැළෑටිමය විශේෂ 68ක් පමනද​, ආරෝහක (වැල්) විශේෂ 30ක් පමන හා උඩවැඩියා විශේෂ 2ක්ද වාර්තා වී ඇත​. මෙහිදී මිරිදිය මත්ස‍්‍ය විශේෂ 29ක්ද​, කිවුල් දිය මත්ස්‍ය විශේෂ 18ක්ද​, උරග විශේෂ 9ක්ද වාර්තා වී ඇති අතර ක්‍ෂීරපායින් විශේෂ 20ක්ද වාර්තා වී ඇත​.