ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත්බිම
2001 දී ජාත‍්‍යන්තර රැම්සා තෙත්බිම වර්ගීකරනයට ලක් වූ ආනවිලුදාව අභය භූමිය හලාවත-පුත්තලම දුම්‍ර්‍රිය මාර්ගයට හා වෙරලට මායිම්ව හලාවතට නුදුරෙන් පිහිටා ඇත. මෙය 12 වන සියවසේ විසූ මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්තයකි. මෙම භූමිය වැව් හතකින් සමන්විතය.
1.ආනවිලුන්දාව
2.පින්කට්ටිය
3.වේල්ලවැව
4.මරදන්සෝලෙ
5.ඉරක්කවිල / ඉහලවැව
6.සුරුවිල
7.මයියාව
මෙම වැව් එකින් එකහා සම්බන්ඳව පවතින අතර හෙක්ටයාර 1400 කින් පමන සමන්විත භූමී ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අප රටේ රැම්සා තෙත් බිම් ගනන හයකි. මුලින්ම එකතුවුනේ බුන්දල ජාතික වනඋද‍්‍යනයි. දෙවනුව ආනවිලුන්දාව හා අනතුරුව මාදු ගඟ, කුමන හා වන්කාලෙයි අභය භූමිය එකතු වෙයි. හය වැන්න මෑතකදී එකතු වූ (2013 පෙබ ) විල්පත්තු අභය භූමියයි.
good article macho, sinhalen liyapan. sindicators walata Add karapan
ReplyDeleteVery Nice Article. Useful. Good luck for future work.
ReplyDeletethanks.......
Delete