Sunday, December 8, 2013

සුන්දර ඉලුක්පැලැස්සේ දිනක්

  ඌව පලාතේ ඇල්ල - නමුණුකුල මාර්ගයේ, බල්ලකැටුව නගරයෙන් හැරී ගමන් ගත් විට සුන්දර ඉලුක්පැලැස්ස ග්‍රාමයට ලඟා විය හැක​. මෙම ගම්මානය අතිශ‍ය දුශ්කර වූද​, අතිශ‍ය සුන්ඳර වූද ගම්මානයකි. ඉලුක්පැලැස්සට ලඟාවීමට ඇත්තේ අති දුශ්කර මාර්ගයකි. දල බෑවුම් සහිත මාර්ගය තැනින් තැන කොන්ක්‍රීට් හා තාර දමා සකස් කර තිබුනද බොහෝ සෙයින් අබලන් වී ඇත​.
Add caption
සරල නිවාස​

අලුත් නිවසක්
















 ඉදල් ඉරිඟු
 ඉදල් ඉරිඟු






  ගොවි තැන ප්‍රදාන ජීවනොපාය වන අතර තවලම් ආදාරයෙන් භාණ්ඩ ප්‍රවාහනය අදටත් සිදු වේ. මෙහි ගැමියන් බොහෝ සෙයින් සරල වූ දිවි පෙවෙතකට හිමිකම් කියයි.
ගැමි නිවසකින් දිවා ආහාරය බුක්ති විදීමට වාසනාවන්ත වූ අප ජීවිතයට බුක්ති විදි රසවත්ම බෝංචි ව්‍යාජනයේ රස බැලුවෙමු.

Thursday, November 21, 2013



ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත්බිම

 

2001 දී ජාත‍‍්‍යන්තර රැම්සා තෙත්බිම වර්ගීකරනයට ලක් වූ ආනවිලුදාව අභය භූමිය හලාවත-පුත්තලම දුම්‍ර්‍රිය මාර්ගයට හා වෙරලට මායිම්ව හලාවතට නුදුරෙන් පිහිටා ඇත​. මෙය 12 වන සියවසේ විසූ මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්තයකි.  මෙම භූමිය වැව් හතකින් සමන්විතය​.

1.ආනවිලුන්දාව
2.පින්කට්ටිය​
3.වේල්ලවැව​
4.මරදන්සෝලෙ
5.ඉරක්කවිල ​/ ඉහලවැව​
6.සුරුවිල​
7.මයියාව​


 
මෙම වැව් එකින් එකහා  සම්බන්ඳව පවතින අතර හෙක්ටයාර 1400 කින් පමන සමන්විත භූමී ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අප රටේ රැම්සා තෙත් බිම් ගනන හයකි. මුලින්ම එකතුවුනේ බුන්දල ජාතික වනඋද‍්‍යනයි. දෙවනුව ආනවිලුන්දාව හා අනතුරුව මාදු ගඟ, කුමන හා වන්කාලෙයි අභය භූමිය එකතු වෙයි. හය වැන්න මෑතකදී එකතු වූ (2013 පෙබ ) විල්පත්තු අභය භූමියයි.


ආනවිලුන්දාව තරමක් අප්‍රකට වුවද කුරුළු ලෝලීන් අතර ජනප්‍රිය ස්ථානයකි. සංක්‍රමික පක්‍ෂීන් අප රටට ඇතුල් වන ප්‍රදාන ස්ථානයකි ආනවිලුන්දාව​. මෙහිදී ශාක විශේෂ 264ක් පමනද​, ඒ අතරින් වනාන්තර ගත ශාක විශේෂ 110ක් පමනද, පඳුරු විශේෂ 54ක් පමනද​, පැළෑටිමය විශේෂ 68ක් පමනද​, ආරෝහක (වැල්) විශේෂ 30ක් පමන හා උඩවැඩියා විශේෂ 2ක්ද වාර්තා වී ඇත​. මෙහිදී මිරිදිය මත්ස‍්‍ය විශේෂ 29ක්ද​, කිවුල් දිය මත්ස්‍ය විශේෂ 18ක්ද​, උරග විශේෂ 9ක්ද වාර්තා වී ඇති අතර ක්‍ෂීරපායින් විශේෂ 20ක්ද වාර්තා වී ඇත​.



















Wednesday, October 23, 2013

Wonderful Sun set at Mini Adam's Peak


 Mini Adam's Peak is situated in Ella. You can reach to the top about 20 to 30 min hike. I'm sure that every one will amaze with the view of 360 degree.

In the peak season although there are no accommodation in Ella in the peak season still they come and enjoy the area. Some times we see the guests stay over night at the Railway station and visit the city & hill side early morning. In this area often we can see many backpackers movements. Because the city is accessible by train & this is the easiest & cheapest transportation system to Hill country.

There are many guest houses, home stays except the boutique & standardized hotels which are in very good conditions. 










Our foreign guests are enjoying the evening at the top of the hill taking photos, reading books, having a chat or just looking at the green lands down.